ජනපතිගෙන් තේ කර්මාන්තට සහතිකයක්..!
- October 31, 2022
- No Comment
- 47
කඩාවැටීමට ලක්ව ඇති මෙරට තේ කර්මාන්තය නැවත නඟා සිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අපනයන ආර්ථිකයක් කරා යන ගමනේ දී තේ කර්මාන්තය ඉතා වැදගත් බවද ජනාධිපතිවරයා කීය.
අතීතයේදී මෙරට තේ කර්මාන්තයේ පැවති සශ්‍රිකත්වය යළිත් උදා කර ගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.