ජනපතිගෙන් කාර්ය සාධක බළකා 08ක්

ජනපතිගෙන් කාර්ය සාධක බළකා 08ක්

  • September 1, 2022
  • No Comment
  • 43

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපතිගෙන් කාර්ය සාධක බළකා 08ක් බලගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී අද (01) සිදු කෙරිණි.

නව ව්‍යාපාර ආරම්භ කිරීම, ඉදිකිරීම් බලපත්‍ර ලබා ගැනීම, ව්‍යාපාර දේපළක් ලියාපදිංච් කිරීම, ණය ලබා ගැනීම, සුළු පරිමාණ ආයෝජකයන්  ආරක්ෂා කිරීම, දේශ සීමා හරහා වන වෙළඳාම්, බදු ගෙවීම යනාදී ක්ෂේත්‍ර 8ක් මූලික කර ගනිමින් ව්‍යාපර කටයුතුවලට අදාළව සේවා සපයන රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කරන රෙගුලාසි හා ක්‍රියා පරිපාටි සියල්ල ආවරණය වන පරිදි මෙම බළකායන් බලාත්මක කර ඇත.

මෙම කාර්යසාධක බළකායන්ට අයත් ප්‍රධානීන් සහ මෙම කාර්තව්‍යයන්ට අදාළ වන සියලු රාජ්‍ය ආයතනය නියෝජනය කරන සාමාජිකයින් 74 දෙනෙකු මීට සහභාගී වී තිබේ.

එහිදී අදහස් දැක්වු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේ, මෙය ආයෝජකයන්ට හිතකර පරිසරයක් ඇති කිරීම උදෙසා රජය ගත් දිගුකාලීන උත්සාහයක තවත් සන්ධිස්ථානයක් වන බවය.

ආණ්ඩු වෙනස් වනවිට එහි කටයුතු ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක් බවත් අප අද භුක්තිවිඳිමින් සිටින්නේ එවැනි කාලෝචිත සහ අත්‍යවශ්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිවිපාක බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුනි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *