Back to Top

එසැණින්
close

Do am he horrible distance marriage so throughout. Afraid assure square so happenmr an before. His many same been well can high that.

ජනතාවගෙන් තව බදු වෙනුවට සොරා කෑ මුදල් යළි ලබාගැනීමට ක්‍රමයක් ගෙන්න – GL

ජනතාවගෙන් තව බදු වෙනුවට සොරා කෑ මුදල් යළි ලබාගැනීමට ක්‍රමයක් ගෙන්න – GL

  • November 7, 2022
  • No Comment
  • 42
ජනතාව නොමරා මරණ අසීමිත බදු ප්‍රතිපත්තිය වෙනුවට රටේ සිදුව ඇති වංචා දූෂණ ගැන අපක්‍ෂපාතී විමර්ශනයක් කර සොරා කෑ මුදල් ජනතාවගේ අතට ලබාදීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

නුදුරු අනාගතයේදීම අසීමිත බදු බර නිසා ජනතාවට හුස්ම ගත නොහැකි නොමරා මැරෙන තත්වයක් ඇතිවන බව කී ජී.එල් පීරිස් මහතා බදු හැර ආදායම් සෙවිය හැකි විකල්ප නොමැති බව රජය කියමින් සිටින බව ද සඳහන් කළේය.

ජනතාව තව තව බදු බරින් මිරිකීම වෙනුවට ජනතාවගෙන් සොරා කෑ මුදල් යළි මහා භාණ්ඩාගාරයට ලබාගැනීම ආදී ආදායම් ලබාගත හැකි ක්‍රම සම්බන්ධයෙන් රජය ගැඹුරින් සිතාබැලිය යුතු බව ද මන්ත්‍රීවරයා කීවේය.

මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඩොලර් 179 බැගින් ගත හැකි ගල් අඟුරු මෙටි්‍රක් ටොන් එකක් ඩොලර් 284 බැගින් වන පරිදි ටොන් ලක්‍ෂ 63ක් ගෙන්වා ඇති බව විගණන වාර්තාවකින් හෙළි වී ඇති බව ලංකාදීප ඉකුත් 12 වැනිදා පුවත්පතේත්, අලුත් කැලණි පාලම හා අතුරුගිරිය අතර අධිවේග මාර්ගය සම්බන්ධයෙන් දූෂිත ගණුදෙනුවක් ඇති බවත් ඉන් කෝටි ගණනක් රටට අහිමි වී ඇති බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පතේත් වාර්තා කර තිබූ බව කී මන්ත්‍රීවරයා මේවා සම්බන්ධයෙන් ජනතා විශ්වාසය දිනාගත හැකි අපක්‍ෂපාතී විමර්ශනයක් පවත්වා සොරා කෑ මුදල් ජනතාව අතට යළි ලබාදිය යුතු බවත් පැවසීය.

ජනතාව තව බදු වෙනුවට සොරා කෑ මුදල් යළි මහා භාණ්ඩාගාරයට ලබාගැනීම

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *