චීන පොහොර නැවෙන් සිදුවූ පාඩුව ගනුදෙනුවට වගකිවයුත්තන්ගෙන් අයකර ගන්න – විගණකාධිපති

චීන පොහොර නැවෙන් සිදුවූ පාඩුව ගනුදෙනුවට වගකිවයුත්තන්ගෙන් අයකර ගන්න – විගණකාධිපති

  • September 2, 2022
  • No Comment
  • 30

චීන පොහොර නැවට කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීමෙන් රජයට වූ පාඩුව, ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ගෙන් නඩු පවරා අය කරගන්නා ලෙස විගණකාධිපති නිර්දේශ කර තිබේ.

විගණකාධිපතිවරයා මෙම නිර්දෙශය නිකුත් කර තිබෙන්නේ, කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඉදිරිපත් කරමිනි.

අදාල වාර්තාව මගින් විගණකාධිපතිවරයා අනාවරණය කරන්නේ, ජිවානුහරණය නොකල, මර්දනය කිරීමට නිර්දේශිත කෘෂි රසායනික වර්ගයක් නොමැති මෙම විනාශකාරි බැක්ටිරියා සහිත පොහොර තොගය ලංකාවට ඇතුළු කිරීමට උත්සහ දරා ඇති බවය.

මේ හේතුවෙන් ලංකාවේ ආර්ථික වටිනාකමක් ඇති බෝග වර්ගවලට දැඩි බලපෑමක් එල්ල කළ හැකිව තිබූ බව එම වාර්තාවේ සඳහන් ය.

2021/22 කාලසීමාවේ මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබා නොදී පාඩුවක් කර ඇති බව ද විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් අනාවරණය කර තිබේ.

රසායනික පොහොර තහනම් කරමින් කාබනික පොහොර භාවිතය සඳහා ඉදිරිපත් කළ කැබිනට් තීන්දුව කිසිදු විද්‍යාත්මක අධ්‍යයනයකින් තොරව සිදු කර ඇති බව ද සිය වාර්තාවෙන් විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.

විගණකාධිපති නිර්දෙශ කරන්නෙ අදාල සැපයුම්කරුට එරෙහිව නඩු පවරා වන්දි අයකර ගන්නා ලෙසය.

 

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *