ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු වසර 31කට පසු අත්අඩංගුවට

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු වසර 31කට පසු අත්අඩංගුවට

  • October 8, 2022
  • No Comment
  • 29

මහරගම හා පානදුර ප්‍රදේශවලදී පිය-පුතු දෙපළක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු වසර 31කට පසු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ ඝාතන දෙක සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.

එම ඝාතනවලට අදාළව මොල්ලිගොඩ, වාද්දුව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි සැකකරුවෙකු ද ඊයේ (07) අත්අඩංගුවට ගැනිණි.

පොලීසිය පැවසුවේ, අදාළ සැකකරු පුද්ගලයින් කිහිපදෙනෙකු සමග මත්පැන් සාදයක් පවත්වා එම සාදය අතරතුර පානදුර ජනප්‍රිය මාවතේ පදිංචි පුත්‍රයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර මළ සිරුර බොල්ගොඩ ගඟ අසළ මඩ වඟුරක දමා ගොස් තිබූ බවයි.

1991 වසරේදී මහරගම නාවින්න හා පානදුර ජනප්‍රිය මාවතේ පදිංචි එම පිය-පුතු දෙපළ ඝාතනයට ලක්ව තිබුණි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *