ගෝඨාභය රාජපක්ෂ: රටට කළ ආර්ථික පාඩුව විගණනය කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ගෝඨාභය රාජපක්ෂ: රටට කළ ආර්ථික පාඩුව විගණනය කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

  • October 7, 2022
  • No Comment
  • 44

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය යටතේ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පවසමින් ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සම් 02ක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ල අද (ඔක්තොබර් 07 වැනිදා) තීරණය කරමින් වහාම විගණනයක් සිදුකරන ලෙසට විගණකාධිපතිවරයාට නියෝග කර ඇත.

පෙත්සම් ගොනු කර ඇත්තේ ආචාර්ය මහීම් මෙන්ඩිස්, ආචාර්ය අතුලසිරි සමරකොන්, සහ ආචාර්ය නේවිස් මොරයාස්, චන්ද්‍රා ජයරත්න, ජුලියන් බෝලින් ඇතුලු පාර්ශව කරුවන් විසිනි.

පෙත්සම් වලින් වගඋත්තරකාර පාර්ශවයන්ට එරෙහිව අපරාධ නඩු පැවරීමට පියවර ගන්නැයි, අල්ලස් හෝ දුෂණ චොදනා විමර්ශන කොමිසමට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවන් ඉල්ලා ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ එවකට කැබිනට් මණ්ඩලය, මහ බැංකු අධිපතිවරුන් වූ මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල්, මහබැංකුවේ මුදල් මණ්ඩලය සහ හිටපු ජනාධිපති ලේකම් අචාර්ය පී.බී ජයසුන්දර පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පෙත්සම් විභාගයට අවසර දුන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විගණකාධිපතිවරයාට නියෝග කළේ වහාම විගණනයක් සිදුකර නොවැම්බර් 30 වැනිදාට පෙර ශ්‍රේෂ්ඨාධිකණයට වාර්තා කරන ලෙසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය

  • විගණකාධිපතිවරයා විසින් නොවැම්බර් 30 වැනි දින වන විට විගණනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමට,
  • ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය රුපියල් 203ක පවත්වාගෙන යාම සහ ඊට සම්බන්ධ සියලු කරුණු.
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමේ ප්‍රමාදය සහ ඊට සම්බන්ධ සියලු කරුණු.
  • විදේශ සංචිත භාවිතා කරමින් 2022 ජනවාරි 18 වන දින එක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කර පියවීමට අදාළ සියලු කරුණු
  • එවැනි ගෙවීම් මඟින් මහ බැංකුවට සිදුවූ පාඩුව පිළිබඳ විගණනයක්.

ශ්‍රේෂ්ඨාකරණ විනිසුරු මඩුල්ල වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට නියෝග කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, කැබිනට් අමාත්‍යවරුන්, මහබැංකුවේ මුදල් මණ්ඩලය, හිටපු අධිපතිවරුන් දෙදෙනා, සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර් අටිගල යන මහත්වරුන් යොමුකර ඇති සියලුම ලිපි හා නිර්දේශ නොවැම්බර් 30 වනදා වන විට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, විජිත් මලල්ගොඩ, මූර්දු ප්‍රනාන්දු, එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවනු ලැබිණි.

පෙත්සම් විභාගය 2023 ජනවාරි 9 වැනිදා කැඳවීමට නියමිතයි.

BBC Sinhala

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *