ගාලු මුවදොර විරෝධය වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීම අධිකරණය ප්රතික්ෂේප කරයි
- October 10, 2022
- No Comment
- 47
අද (10) පස්වරුවේ ගාලු මුවදොරදී නීතිඥ සහ වෘත්තිකයින් පැවැත්වීමට සුදානම් කර ඇති විරෝධතාව නවත්වන්නැයි ඉල්ලා කොටුව පොලීසිය කළ ඉල්ලීම කොටුව මහේස්ත්රත් තිලිණ ගමගේ මහතා ප්රතික්ෂේප කර තිබේ.
නීතිඥවරුන්ගේ සහ වෘත්තිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා පෙන්වා දුන්නේ සාමකාමීව විරෝධතා දැක්වීම අනූල්ලංඝණීය අයිතිවාසිකමක් බවය.
දේශපාලන පක්ෂ අවස්ථා ගණනාවකදී ගාලුමුවදොරට රැස්වී දේශපාලන රැස්වීම් පවත්වා ඇති බව ද ජනධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
කරුණු සලකා බලමින් කොටුව මහේස්ත්රාත්වරයා ප්රකාශ කළේ, මෙම විරෝධතාවය සම්බන්ධයෙන් නීතිවිරෝධී හෝ ප්රචණ්ඩ ක්රියා සිදුවන බවට සාක්ෂි නොමැති බවයි.
අන්අයගේ අයිතීන්ට බාධාවක් නොවන අයුරින් උද්ඝෝෂණ කිරීමට බාධාවක් නොමැති බව පෙන්වාදුන් මහේස්ත්රාත්වරයා ප්රචණ්ඩකාරී තත්ත්වයක් ඇති වන්නේ නම් එය වැළැක්වීමට පොලීසියට බලය ඇති බව ද ප්රකාශ කළේ ය..