ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප

ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප

  • November 23, 2022
  • No Comment
  • 53

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 89ක් රඳවාගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කළ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අද (23) ඇප මත මුදා හැර තිබේ.

උන්වහන්සේට එලෙස ඇප නියම කළේ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මියයි. 

සැකකාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් මුහුණු ආවරණය කොට අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියට රැගෙන එනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ, සැකකරු ඇප මත මුදා හැරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවය. 

එබැවින් සැකකාර හිමිනම ඇප මත මුදා හරින්නැයි ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.

ඒ අනුව ගල්වැව සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළා ය.

සැකකාර හිමිනමට විදෙස් ගමන් තහනමක් ද පැන වූ අතර මෙම නඩු කටයුත්තට අදාලව කිසිදු ප්‍රකාශයක් මාධ්‍ය හමුවේ සිදු නොකරන ලෙසටත් ප්‍රචණ්ඩකාරී අයුරින් හැසිරුණු බවට පැමිණිලි ලදහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාරගත කරන බවටත් අධිකරණය නියෝග කර තිබේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *