ඛනිජ තෙල් විශේෂ විධිවිධාන පනත ලබන 18 වනදා පාර්ලිමේන්තුවට
- October 16, 2022
- No Comment
- 38
ඛනිජ තෙල් විශේෂ විධිවිධාන පනත ලබන 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
එමෙන්ම ඛනිජ තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල දෙසැම්බර් මාසය වන විට අවසන් කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා මේ පිළිබඳව පැහැදිලි කළා.ඛනිජ තෙල් ආනයනය සඳහා තුන්වැනි පාර්ශවයකින් කිසිඳු අවස්ථාවක මුදල් ලබාගෙන නොමැති බවද අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කළා.