කැලණි, කළු ගංඟා සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයේ..

කැලණි, කළු ගංඟා සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයේ..

  • October 16, 2022
  • No Comment
  • 31

කැලණි, කළු ගංඟා සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු , එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, ඒ දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බවය.

කොළඹ , ගාල්ල , කළුතර , කෑගල්ල , නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මක වේ.

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණත් සමග පවුල් 13,902 කට අයත් පුද්ගලයින් 55,435 දෙනෙකු පීඩාවට පත්ව ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ,මේ වනවිට පුද්ගල මරණ 03ක් වාර්තා වී ඇති බවයි.

ආපදා තත්ත්වය හේතුවෙන්, නිවාස පහකට පූර්ණ හානි සිදුව ඇත.

අර්ධ හානිවූ නිවාස සංඛ්‍යාව 178කි.

මේ අතර වායුගෝලයේ කැලඹිලි සහිත ස්වභාවය තවදුරටත් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකියි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *