කැනඩාවේ මන්ත්‍රීවරැ ඇතුළු කැනේඩියානු ව්‍යාපාරික පිරිසක් උමංදාවේ සංචාරයක..

කැනඩාවේ මන්ත්‍රීවරැ ඇතුළු කැනේඩියානු ව්‍යාපාරික පිරිසක් උමංදාවේ සංචාරයක..

  • November 7, 2022
  • No Comment
  • 39

කැනඩාවේ මන්ත්‍රීවරැ සමන්තභද්‍ර හිමි කැනඩාවට කැදවයි

අද දින කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී Han Dong, පාර්ලිමේන්තු මන්ත්‍රිනී Rachel Thomas, කැනේඩියානු ශ්‍රී ලංකා තානාපති හර්ෂ කුමාර නවරත්න සහ සරවන භවන් ව්‍යාපාර ජාලයේ අධිපති සුගුමන් ඇතුළු කැනේඩියානු ව්‍යාපාරික පිරිසක් සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ හමුවීමට උමංදාවට පැමිණියා.

මෙරට ජාතීන් අතර සහ අන්තර්ජාතික වශයෙන් සහයෝගීතාව ගොඩ නන්වමින් උමංදාව ගෙන යන සුවිශේෂී වැඩ පිළිවෙළ පිළිබඳ ඇතිවූ පැහැදීම ඔවුන්ගේ මෙම සංචාරයට හේතු වී තිබුණි.

ආගමික සහ ආර්ථික සහයෝගීතාවන් ඔප් නංවමින් ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය පිණිස කටයුතු කිරීමට අත් වැල් බැදගැනීමට තමන් සූදානම් බව ප්‍රකාශ කළ මෙම පිරිස, ඒ සදහා සම්බන්ධතා තර කරගැනීම උදෙසා සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේට කැනඩාවට වැඩම කරන ලෙසද ආරාධනා කර තිබේ.

උමංදාවේ වැඩ පිළිවෙළ සියසින් බලා සතුටට පත් පිරිස උමංදාවේ විශේෂ ආහාර වේලකින් ද සැලකිලි ලැබූ අතර මෙම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ද සම්බන්ධ වුණි.

කැනේඩියානු දූත පිරිසෙහි මෙම සංචාරය සංවිධානය කරන ලද්දේ කැනේඩියානු ශ්‍රී ලංකා තානාපති හර්ෂ කුමාර නවරත්න විසිනි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *