කාර්මික හා වෘත්තීය පුහුණු දෙපාර්තමේන්තුව යකාට ගිහින්!

කාර්මික හා වෘත්තීය පුහුණු දෙපාර්තමේන්තුව යකාට ගිහින්!

  • November 19, 2022
  • No Comment
  • 64

වසර 130 ක ඉතිහාසයක් ඇති කාර්මික අධ්‍යයන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට එල්ලවී ඇති බහිරව බැල්මක් නිසා එම ආයතනය කඩා වැටීමේ තත්ත්වයට පත්ව ඇතැයි වාර්තාවේ.

පරිපාලනයට පත්වී සිටින ඉහළ නිලධාරියා සිදුකරන දූෂණ, අක්‍රමිකතාවලට එරෙහිව කථාකරන විදුහල්පතිවරුන්ට අභූත චෝදනා කරමින් ඔවුන් විද්‍යාලවලින් ඉවත් කිරීමට රාජ්‍ය සේවා කොමිසමට මෙම නිලධාරියා නිර්දේශ පවා යවා ඇති බවත් හෙළිවී තිබේ.

රට පුරා කාර්මික විද්‍යාල 39 ක් පවතින බවත් ඒවා රැක ගැනීමට නම් මෙම දූෂිත නිලධාරියා ඉවත් කර සුදුසුකම් සහිත නිලධාරියකු පත්කරන්නේ නම් වසර 02 කින් දෙපාර්තමේන්තුව නිවැරදි මාවතකට ගෙනයා හැකි බවත් එහි සේවක පිරිසක් සඳහන් කළහ.

හෝමාගම කාර්මික විද්‍යාලයේ සංවර්ධනය කරන මුවාවෙන් වසර ගණනක් වහල ඉවත් කිරීම, වැඩ අවසන් කර නොමැති ව්‍යාපෘති සඳහා මුදල් ගෙවීම, මරදාන තාක්‍ෂණ විද්‍යාලයේ සංවර්ධනය මුවාවෙන් ගලවන ලද ලී බඩු ඇතුළු නැවත පාවිච්චියට ගතහැකිව තිබූ භාණ්ඩ ලොරි රථ 20 කින් පමණ ඉවත් කිරීම ඇතුළු චෝදනා රැසක් මෙම නිලධාරියාට එල්ලවී ඇතැයිද විදුහල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා – Divaina

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *