කරාපිටිය රෝහල ලෙඩ වෙයි: සීටී ස්කෑන්, ඇන්ජිඕග්‍රැම් පරීක්ෂණ යන්ත්‍ර කැඩිලා…

කරාපිටිය රෝහල ලෙඩ වෙයි: සීටී ස්කෑන්, ඇන්ජිඕග්‍රැම් පරීක්ෂණ යන්ත්‍ර කැඩිලා…

  • November 3, 2022
  • No Comment
  • 40

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇන්ජිඕග්‍රැම් පරීක්ෂණ (angiogram test) සිදුකරන යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම නිසා ඇන්ජිඕග්‍රැම් පරීක්ෂණ මෙන්ම හෘද කැතිටර් ප්‍රතිකාර කිරීමට නොහැකි වීමෙන් හෘද රෝගීහු ගැටලු රැසකට ලක්ව සිටිති.

දකුණු පළාතේ ඇති රජයේ රෝහල් අතුරින් හෘද රෝගීන් සඳහා මෙකී පහසුකම තිබුණේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණි. දකුණු පළාතේ පමණක් නොව රත්නපුර, ඇඹිලිපිටිය, මොනරාගල, ආදි ප්‍රදේශවල සිට ද රෝගීහු ඇන්ජිඕග්‍රැම් පරීක්ෂණ සිදුකර ගැනීම සඳහා කරාපිටිය රෝහලට පැමිණියහ. ලේ කැටියක් මගින් හදවතේ රුධිරනාල අවහිර වූ අවස්ථාවල දී එම රෝගීන්ට හෘද කැතිටර් ප්‍රතිකාර කිරීම සඳහා ඇන්ජිඕග්‍රැම් පරීක්ෂණ සිදුකෙරෙන අතර මෙම තත්ත්වය නිසා රෝගීහු දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. හදවත් රෝගවලට ලක්වන දරුවන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා මෙම යන්ත්‍රය යොදාගනු ලැබෙයි. ඇන්ජිඕග්‍රැම් යන්ත්‍රයේ බල්බයක් ක්‍රියාවිරහිත වීම නිසා මෙකී යන්ත්‍රය අක්‍රීය වී ඇත. මෙම යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට මිලියන 30ක පමණ මුදලක් වැය වන බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්. පී. යූ. එම්. රංග මහතා අප කළ විමසුමකදී පැවසීය. මීට පෙර දිනකට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ එන්ජිඕග්‍රැම් පරීක්ෂණ 20ක් පමණ සිදුකෙරුණු බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය. එමෙන්ම ඇන්ජිඕග්‍රැම් පරීක්ෂණ කරවා ගැනීමට රෝගීන් විශාල පිරිසක් පොරොත්තු ලේඛනවල සිටින බව පෙන්වා දෙන රෝහල් අධ්‍යක්ෂවරයා හදිසි රෝගීන් පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ ජාතික රෝහලට යොමුකිරීමට කටයුතු කර ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *