කටාර් රාජ්‍යයේ සිට තව නොබෝ වෙලාවකින් ඇරඹෙන FIFA-2022 ලෝක කුසලාන පාපන්දු ශූරතාවලිය..!

කටාර් රාජ්‍යයේ සිට තව නොබෝ වෙලාවකින් ඇරඹෙන FIFA-2022 ලෝක කුසලාන පාපන්දු ශූරතාවලිය..!

  • November 20, 2022
  • No Comment
  • 193

සිව් වසරකට වරක් එළැඹෙන ලොව වැඩිම ප්‍රේක්ෂක අවධානය යොමුවන ක්‍රීඩා ඉසව්ව ඇරඹෙමින් තවත් නොබෝ වේලාවකින් මුළු ලෝකයම ක්‍රීඩා උණුසුමෙන් ඇළලී යන්නේය.

ඒ සත්කාරක කටාරය සහ ඉක්වදෝරය අතර පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානේ පළමු තරගයත් සමගිනි.

ලෝක පාපන්දු ශූරතාවලියේ 22 වන වාරය ලෙසින් මෙවර පැවැත්වෙන ‘ෆිෆා’ ලෝක කුසලානය විශේෂ එකකි. ඒ මැදපෙරදිග රටක් පාපන්දු ලෝක කුසලානයක් සත්කාරකත්වය දක්වන පළමු අවස්ථාව මෙය වීම හේතුවෙනි. එසේම ‘ෆිෆා’ ලෝක කුසලානය ආසියාවේ පැවැත්වෙන දෙවන අවස්ථාව ද මෙය වන අතර 2002 වසරේදී මෙම ලෝක කුසලානයට ජපානය සහ දකුණු කොරියාව විසින් සම සත්කාරකත්වය දැරීය.

මෙවර තරගාවලිය කටාර් හි නගර පහක් පුරා පැතිරී ඇති ක්‍රීඩාංගණ 8ක ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ සංග්‍රාම භූමියේ කණ්ඩායම් 32ක් තරග 64ක් සඳහා මුහුණ දෙන්නට සූදානමින් සිටී.

තරගාවලියේ කාණ්ඩ 8ක් යටතේ කණ්ඩායම් 32ක් මෙවරද ලෝක කුසලාන දඩයම සඳහා සූදානමින් සිටී.

Explore the Full List of Football Stadiums Ahead of 2022 FIFA World Cup in  Qatar | ArchDaily

මෙවර ලෝක කුසලානය ඒ අනුව ලුසෙයිල් හි ලුසායිල් අයිකොනික් ක්‍රීඩාංගණය, අල් ඛෝර්හි අල් බයිට් ක්‍රීඩාංගණය, අල් වක්රාහි අල් ජනූබ් ක්‍රීඩාංගණය, අහමඩ් බින් අලි ක්‍රීඩාංගණය, කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, අල් රේයාන්හි අධ්‍යාපනය සඳහා වන නගර ක්‍රීඩාංගණය, ස්ටේඩියම් 974 සහ දෝහා හි අල් තුමාමා ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණයන් හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මේ සියලුම ක්‍රීඩා පිටි කටාර් හි අගනුවර වන දෝහාවල සිට කිලෝමීටර් 55 ක අරයක් තුළ පිහිටා තිබීම තවත් එක් විශේෂත්වයකි.

1976 වසරේ ඉදි කෙරුණු කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණය හැර අනෙකුත් සියලුම ක්‍රීඩාංගණ පසුගිය වසර තුන තුළ ඉදිකර ඇත්තේ ලෝක කුසලානය ඉලක්ක කර ගනිමිනි. තෙවැනි ස්ථානය තෝරා ගැනෙන අවසන් තරගය කලීෆා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Qatar 2022: Groups, fixtures, stadiums, squads, tickets and more

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *