ඒඩ්ස් පරීක්ෂා කරගැනීමට නොමිලයේ රහසිගත ක්‍රමයක්

ඒඩ්ස් පරීක්ෂා කරගැනීමට නොමිලයේ රහසිගත ක්‍රමයක්

  • October 30, 2022
  • No Comment
  • 39

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ වැඩසටහනක්

එච්.අයි.වී. ඒඩ්ස් ආසාදනය වී තිබේදැයි රහසිගත හා නිර්ණාමික පරීක්ෂණයක් නොමිලයේ කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් know4sure.lk නමින් වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය යටතේ දියත් කළ විශේෂ වැඩසටහනක් අනුව මෙය හඳුන්වා දී තිබේ.

තමන්ට එච්.අයි.වී. ඒඩ්ස් රෝගය අසාදනය වී තිබේදැයි ස්වයං පරීක්ෂණයක් කර ගැනීමට පරීක්ෂණ කට්ටලයක් තමන් වෙතටම නොමිලයේ ගෙන්වා ගැනීමට මෙම වෙබ් අඩවියෙන් පහසුකම් සැලසේ. එමෙන්ම තමන් ආසාදිතයකු බවට හඳුනාගත්තේ නම් රහස්‍යභාවය ආරක්ෂා කරමින් ඒ වෙනුවෙන් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීමටත් නොමිලයේ පහසුකම් සැලසේ.

දුරකථන මාර්ගයෙන් වෛද්‍යවරයකු සමග සම්බන්ධ වී උපදෙස් ගැනීමටද වෙබ් අඩවිය උපයෝගී කර ගත හැකිය. මෙමගින් සිංහල, ඉංග්‍රීසි සහ දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම සේවාව සැපයෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය කියයි.

තමන්ට එච්.අයි.වී. ඒඩ්ස් රෝගය ආසාදනය වී ඇත්දැයි සැකයක් පැවතියත් සමාජයට නිරාවරණය වේ යැයි බියක් ඇති සැමටම මෙම වෙබ් අඩවිය හරහා පරීක්ෂණයක් කර ගැනීමට හැකිවන අතර ඒ සඳහා යොමුවන ලෙස ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *