උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සිතාසි..

උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සිතාසි..

  • October 21, 2022
  • No Comment
  • 36

සහකාර පොලිස් අධිකාරී නලීන් දිල්රුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්ට ලබන 08 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අද (21) සිතාසි නිකුත් කර තිබේ.

ඒ, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ කැඳ වූ අවස්ථාවේදීය.

ගාලු  මුවදොර සිට අලුත්කඩේ නීතිඥ සංකීර්ණය දෙසට ගිය විරෝධතා පා ගමනක් නතර කරමින් අයුතු අවහිරයක් සිදු කළ බව එම පැමිණිල්ලෙන් අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනාට චෝදනා එල්ල කර තිබේ.

පැමිණිල්ලෙන් චූදිතයින් ලෙස නම් කර ඇති පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව සිතාසි නිකුත් කෙරුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 330 සහ ජාතික මංමාවත් පනතේ 59.1 යටතේ ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙනි.

පැමිණිලිකරු වන තරිඳු ජයවර්ධන වෙනුවෙන් නීතිඥ මනුජය ද සිල්වා සහ නීතිඥ ජයන්ත දෙහියත්තගේ මහතා සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දැක්විය.

ඔක්තෝබර් 9 වැනි දා පොලීසියේ ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තිකයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පිරිස් විරෝධතාවයක් සූදානම් කර තිබූ බවත්, එම විරෝධතා පා ගමන ගාලුමුවදොරින් 10 වැනි දා සවස 3.00 ට ආරම්භ වන බවට පැමිණිලිකරු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ඊට පෙර දින රාත්‍රියේ දී ඊමේල් මගින් සහ වට්ස් ඇප් මගින් දැනුම් දී තිබූ බවත් මේ සම්බන්ධයෙන් අධිකරණයේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ  සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, එම ඊමේල් පණිවුඩය එම අවස්ථාවේදීම පොලිස්පතිවරයාට ද පිටපත් කර ඇති බවය.

පැමිණිලිකරු ඇතුළු 50 ක 100 ක පමණ පිරිසක් සාමකාමීව පැවැත් වූ මෙම පා ගමන පොලීසිය විසින් මාර්ගය වසා අවහිර කළ බවත් අනතුරුව පා ගමන පදික වේදිකාව ඔස්සේ සාමකාමීව ඉදිරියට යද්දි පොලීසිය පදික වේදිකාව සහ මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමූ බවත් වීඩියෝ දර්ශන ඉදිරිපත් කරමින් සාලිය පිරිස් මහතා කියා සිටියේ ය.

ඔහු අධිකරණයේදී පැවසුවේ, පළමු සහ දෙවැනි චුදිතයන් වන පොලිස් නිලධාරීන් දෙදෙනා මෙම අවහිර කිරීමට එම ස්ථානයේ සිටිමින් සක්‍රීයව දායක වූ බවයි.

පා ගමන සම්බන්ධයෙන් පැය 06කට පෙර දැනුම් දී නැතැයි කියමින් එම අවහිරය කළ ද පැය 06කට පෙර දැනුම් දුන් බවට පැමිණිලිකරු ප්‍රකාශ කරද්දී එය පිළිනොගෙන නිලධාරීන් හැසිරුණු බවත්, ඔවුන් අයුතු අවහිරයක් කළේ සද්භාවයෙන් නොවන බව එම ස්ථානයේ ඔවුන්ගේ හැසිරීම බැලූවිට තහවුරු වන බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ ය.

එදින විරෝධතාවය ගැන පොලීසිය දැනුවත් කර තිබියදී සහ විරෝධතාවය නතර කිරීමට පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබියදීම මෙම නිලධාරීන් දෙදෙනා මෙම වැරදි මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් ද කඩ කර ඇති බවත් සාලිය පීරිස් මහතා පැවසුවේ ය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *