ඊයේ රාත්‍රියේ ගත් දේශපාලන තීරණ වලින් කුමක් සිදුවිය හැකිද?

ඊයේ රාත්‍රියේ ගත් දේශපාලන තීරණ වලින් කුමක් සිදුවිය හැකිද?

  • November 22, 2022
  • No Comment
  • 45

නොවැම්බර් 21 වැනිදා රැස්වු විපක්ෂයේ දේශපාලන පක්ෂ වැදගත් තීරණ රැසක් ගෙන තිබේ.

අද පැවැත්වෙන අයවැය දෙවැනිවර ඡන්ද විමසීමේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙම සාකච්ඡාවලදී වැඩි අවදානයක් යොමු වී ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව නොවැම්බර් 21 වැනිදා රැස්වී පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයක් ගනු ලැබීය.

ඒ අනුව හිටපු ජනාධිපතිනි සහ හිටපු පක්ෂ නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුලු පක්ෂය හැර ගිය සියලුදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකවම තිරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න ඉවත් කර ඒ වෙනුවට සාරති දුෂ්මන්ත පත් කිරිමට තීරණය වී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් මහින්ද අමරවීර ඉවත් කර තිලංග සුමතිපාල පත් කෙරිණ. එසේම පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලෙස ශාන් විජයලාල් ද සිල්වා පත් කිරිමට තීරණය වී ඇත.

අයවැය ඡන්ද විමසීමෙදී විපක්ෂය කරන්නේ කුමක්ද?

2023 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද නොවැම්බර් 22 පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ප්‍රධාන විපක්ෂය ඇතුලු පකෂ රැසක් දැනටමත් තීරණය කර තිබේ.

ඒ අනුව සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අයවැය දෙවන වර කියවීමේ ඡන්ද වීමසීමේදී ඊට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරිමට ඊයේ සවස පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කළේය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයද හෙට පැවැත්වෙන අයවැය දෙවනවර කියවීමේ ඡන්ද වීමසීමේදී ඊට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරීමට තිරණය කළ බව පක්ෂ මහ ලේකම්වරයා පැවසීය.

ජාතික ජන බලවේගයද අයවැය දෙවන වර කියවීමේ ඡන්ද වීමසීමේදී ඊට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරීමට තිරණය කර ඇත.

උත්තර ලංකා සභාගය නියෝජනය කරන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අයවැය දෙවන වර කියවීමේ ඡන්ද වීමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තිරණය කළ බව මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේය.

නිදහස ජනතා සභාව නියෝජනය කරන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරිමට තිරණය කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂය ඡන්ද ලබා දීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද සඳහන් කළේය.

“මේ දිනවල පාර්ලිමේන්තුව තුළ අයවැය විවාදයට ගැනෙන අවස්ථාවක්. හෙට දවසෙදී ඒ සම්බන්ධයෙන් ඡන්දය පාවිච්චි කිරීමට සියලුම මන්ත්‍රිවරු බලාගෙන සිටිනවා. විශේෂයෙන් අපි දන්නවා මේ අවස්ථාවේ රජයක් හැටියට ආර්ථික වශයෙන් ගෝලීය ආර්ථිකයත් ඉතාමත් අවසනාවන්ත තත්වයකට පත්වෙලා තිබෙන වෙලාවක අපේ රටෙත් ආර්ථිකය කඩා වැටිමක තිබෙන අවස්ථාවක තමයි මේ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළේ. අද අපි දන්නවා අයවැය තුළ ලොකු පරතරයක් තියෙනවා. ආදායම් තත්වයට වඩා වියදම් තත්වය ඉතාම ඉහළ තත්වයක තිබෙනවා. මේ තත්වය තුළ ඉතාමත්ම අමාරුවෙන් ගෙනයන අයවැයක් බවට මේ අයවැය පත්වෙලා තිබෙනවා. අපි මේ අවස්ථාවේ උත්සහ කරන්න ඕන පක්ෂ පාට ජාති කුලමල වලට බෙදිලා වෙන්වෙලා ඒ පැරණි දේශපාලන සංස්කෘතිය වෙනුවට අලුත් පණිවිඩයක් ලබා දෙන්න.” ඔහු පැවසීය.

මේ අතර ආණ්ඩුවට සම්බන්ධ වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් ද අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදි ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *