ඉන්දු – ලංකා ධීවර ගැටලුව උග්‍රවෙයි

ඉන්දු – ලංකා ධීවර ගැටලුව උග්‍රවෙයි

  • October 30, 2022
  • No Comment
  • 38

ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ධීවරයින් නිදහස් කිරීමට කඩිනමින් පියවර නොගන්නේනම් තමිල්නාඩුව පුරා දැවැන්ත විරෝධතාවල නිරත වන බව තමිල්නාඩු ධීවර සංගම් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්දීය ධීවරයින්ගේ ගැටලුව සඳහා ඉන්දීය මධ්‍යම රජය කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවය.

පසුගිය 27 වනිදා ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු මෙරට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එයට විරෝධය පළකරමින් රාමේෂ්වරම් ධීවරයින් මේ වනවිට වර්ජනයක් ද ආරම්භ කර තිබේ.

ඔවුන් සිය ධීවර කටයුතුවලින් ඉවත් වී මෙම වර්ජනය ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ධීවරයින් නිදහස් කිරීමට මෙන්ම ඉන්දීය ධීවරයින්ට බාධාවකින් තොරව සිය ධීවර කටයුතුවල නිරතවීමට අවශ්‍ය ඉඩකඩ සැලසීමට ඉන්දීය මධ්‍යම රජය පියවර ගතයුතු බව තමිල්නාඩු ධීවර සංගම් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රජය සමග සුහදව මෙම ගැටලුව විසඳා ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට නොගන්නා බවට ස්ථීර සහතිකයක් ලබාදිය යුතු බව එම ධීවර සංගම් පෙන්වා දෙයි.

එලෙස කටයුතු නොකරන්නේනම් තමිල්නාඩුව පුරා සිටින ධීවර ප්‍රජාවගේ සහයෝගයෙන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව ධීවර සංගම් පවසා ඇත.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *