ඇප ලැබුණු සිරිධම්ම හිමි යලි රිමාන්ඩ්

ඇප ලැබුණු සිරිධම්ම හිමි යලි රිමාන්ඩ්

  • November 24, 2022
  • No Comment
  • 115

අත්අඩංගුවට ගත් හේතූන් ගැන මාධ්‍ය ප්‍රකාශ දෙන්න බෑ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ආරක්‍ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත පුරා දින 89 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කර පසුගිය 17 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිiාල භික්‍ෂු ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් දැඩි ඇප කොන්දේසි පනවා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී. එන්. එල් මහවත්ත මහත්මිය ඊයේ (23 දා) නියෝග කළාය.

නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහළ සැකකාර සිරිධම්ම හිමියන්ට විදේශගත වීම වැළැක්වීමේ නියෝගයක් ද නිකුත් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය ඇප ලබාගැනීමෙන් පසුව සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළාය. එමෙන්ම ඇප ලබාගැනීමෙන් පසුව කුමන සිද්ධියක් මුල්කරගෙන හෝ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති බවට වාර්තා වුවහොත් ඇප අවලංගු කර යළි රක්‍ෂිත බන්ධනාගාරගත කරන බව ද පෙන්වා දෙමින් සැකකරුට දැඩිව අවවාද කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය, අත්අඩංගුවට ගැනීමට පාදක වූ සිද්ධීන් සම්බන්ධයෙන් කුමන ආකාරයකින් හෝ ප්‍රකාශ සිදු කිරීම හා ප්‍රකාශ නිකුත් කිරීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළාය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ඉදිරිපත් කළ මෝසම් පත්‍රයක් අනුව ඊයේ (23 දා) පෙරවරුවේ මහෙස්ත්‍රාත් නිල මැදිරිය තුළ එම නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලද සැකකාර සිරිධම්ම හිමියන් මහෙස්ත්‍රාත් නිල මැදිරියට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් පසුගිය මාර්තු 31 වැනිදා සිට ජූලි 13 වැනිදා අතර කාලය තුළදී රට තුළ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හතක් සම්බන්ධයෙන් සැකකාර සිරිධම්ම හිමියන්ගෙන් ප්‍රශ්න කර විමර්ශන සිදු කළ බවත් එහිදී අනාවරණය වූ තොරතුරු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ සෘජු අධීක්‍ෂණය යටතේ දැඩි පසුවිපරමක් සිදු කළ බවත් අධිකරණයට පැවසීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් යම් සැකකරුවකුට නීතිපතිවරයාගේ උපදෙස් නොමැතිව ඇප ලබාදීමේ බලයක් අධිකරණයට නොමැති බැවින් පෙර කී සැකකරු ඇප මත මුදාහැරීම සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇතැයි ද අධිකරණයට පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ අනුව කටයුතු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම සැකකරු සමග අත්අඩංගුවට පත් වසන්ත මුදලිගේ නමැති සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවල උධෘත නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට අධ්‍යයනය කරමින් පවතින බවද එහිදී අධිකරණයට පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එම සැකකරු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උදෙස් අධිකරණයට දැනුම්දීම සඳහා එම නඩුව ලබන 12 වැනිදා යළි කැඳවන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සැකකාර සිරිධම්ම හිමියන් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන උධෘත මනාව අධ්‍යයනය කිරීමෙන් පසුව සානුකම්පිතව මෙන්ම කිසිදු පාර්ශ්වයකට අගතියක් නොවන පරිදි අපක්‍ෂපාතීව නීතිපතිවරයා එකී උපදෙස් අධිකරණයට ලබාදුන් බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසීය. පෙර කී සිද්ධීන් හත සම්බන්ධයෙන් ඉතා සංකීර්ණ විමර්ශනයක් තවදුරටත් පැවැත්වෙන බැවින් එකී විමර්ශනවලට අගතිදායක වන අකාරයේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙසට සිරිධම්ම හිමියන්ට අවවාද කරන ලෙසට ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

පෙර කී කාලය තුළ මෙරට සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ගල්වැව සිරිධම්ම සහ වසන්ත මුදලිගේ යන සැකකරුවන්ගේ පවතින සම්බන්ධතාවය හඳුනාගැනීම සඳහා රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් විශේෂ කාර්යාංශය හා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයෙන් වාර්තා කැඳවා තවදුරටත් විමර්ශන සිදු කරන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පැවසීය.

එකී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 27 දෙනකු සමග මෙම සැකකරුවන් දෙදෙනා සෘජුව හා වක්‍රව සබඳතා පවත්වා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ද වැඩිදුරටත් විමර්ශන සිදු කරන බව ද අධිකරණයට පැවසීය. දිලීප පීරිස් මහතා, යම් ත්‍රස්තවාදී සංවිධානයක් විසින් මෙම සැකකරුවන්ට රට අස්ථාවර කර රජය නීත්‍යනුකූල නොවන ආකාරයෙන් වෙනස් කිරීමට ඔවුන් ආධාර අනුබල දුන්නේ දැයි අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව ද වැඩිදුරටත් පැවසීය. සැකකාර සිරිධම්ම හිමියන් සතු මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා වන පරිදි තම අධිකරණය කටයුතු කරන බව එහිදී පෙන්වා දුන් අතිරේක මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය ඉදිරි විමර්ශනවලට අගතියක් නොවන පරිදි කටයුතු කරන ලෙසට ද සැකකරුට අවවාද කළාය.

රජයේ අධිනීතිඥ සවින්ද්‍ර වික්‍රම, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජයනි වෑගොඩපාළ සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමග පැමිණිල්ලට පෙනී සිටියේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *