අලුතින් භාණ්ඩාගාර බැඳුම්කර 2ක් නිකුත් කරයි..

අලුතින් භාණ්ඩාගාර බැඳුම්කර 2ක් නිකුත් කරයි..

  • September 13, 2022
  • No Comment
  • 29

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද(13) දින කාණ්ඩ 2ක් යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු 2ක් සිදුකර තිබේ.

එහිදී 2025 ජූලි 01 දින හා 2032 ජූලි 01 දින කල්පිරෙන ආකාරයෙන් පිළිවෙලින් රුපියල් මිලියන 30,000 ක් හා රුපියල් මිලියන 45,000 ක් වශයෙන් වූ බැඳුම්කර ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණි.

එහිදී 2025 කාණ්ඩය සඳහා ලැබී තිබුණු ලංසුවලින් පිළිගෙන තිබුණේ, රුපියල් මිලියන 3,704 ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් සඳහා වූ ලංසු පමණයි.

මේ අතර, 2032 කාණ්ඩය සඳහා ලැබී තිබුණු ලංසුවලින් සම්පූර්ණ නිකුතුවටම අදාළ ලංසු ප්‍රමාණයක් පිළිගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

මෙහිදී බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකය හෙවත් පොළිය 2025 කාණ්ඩය සඳහා 29.16% ක් සහ 2032 කාණ්ඩය සඳහා 29.96% ක් ලෙසින් තීරණය කර තිබේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *