අලුත් නීතියෙන් ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට බලපෑම් කරයිද?

අලුත් නීතියෙන් ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට බලපෑම් කරයිද?

  • October 31, 2022
  • No Comment
  • 43

කුඩා පරිමාණ සමාගම්වලට දැඩි අභියෝගයක්

ජර්මනියට සිදුකරන ආයෝජන සඳහා නව මානව හිමිකම් නීතියක් ලබන වසරේ සිට බලපැවැත්වෙන බව එරට රජය ප්‍රකාශ කර තිබේ.

එය බොහෝදුරට ජර්මනියේ සැපයුම්දාම ක්‍රියාවලියට සම්බන්ධ කුඩා පරිමාණයේ අපනයනකරුවන්ට අහිතකර ලෙස බලපානු ඇති බව වාර්තා වෙයි.

එම නීතිය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට කෙසේ බලපෑම් ඇති කරයිද ?

මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලාංකික ඒකාබද්ධ ඇඟලුම් කර්මාන්ත සම්මේලනයේ ප්‍රධාන ලේකම් යොහාන් ලෝරන්ස්,

“ලබන ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන ජර්මනියේ සැපයුම්දාම නීතිය මගින් එරටට සැපයුම් කරන සමාගම් නිසි ප්‍රමිතීන්ට අනුව කටයුතු කරනවාද යන්න දැඩිව සොයා බලනවා. මෙම නීතිය හේතුවෙන් ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට ජර්මනියේ පාරිභෝගිකයින්ට තහවුරු කළ යුතු වනවා, තමන් දැඩි අවදානම් විශ්ලේෂණ ක්‍රියාවලියක නිරත වන බව. ඒ සඳහා ලිඛිත සාධක සහ අනෙකුත් සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි. මෙය විශේෂයින් කුඩා පරිමාණ සමාගම්වලට දැඩි අභියෝගයක් විය හැකියි. ඔවුන් ඇතැම්විට එම නීතිවලට අනුකූලව කටයුතු කළත් ජර්මානු බලධාරීන් සැබැවින්ම අපේක්ෂා කරන්නේ කුමක්ද කියා අප දන්නේ නැහැ.නමුත් මහා පරිමාණ සමාගම් ඒ සඳහා දැනටමත් ශක්තිමත් ක්‍රියාවලියක් පවත්වාගෙන යනවා.”

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *