අයිස් මත් ද්‍රව්‍ය උවදුර මඩින්න පාසල් සිසුන්ගේ බෑග් පිරික්සන්න යයි

අයිස් මත් ද්‍රව්‍ය උවදුර මඩින්න පාසල් සිසුන්ගේ බෑග් පිරික්සන්න යයි

  • September 7, 2022
  • No Comment
  • 85
මත් උවදුර දුරලන්න රජයෙන් අලුත් වැඩක්

පාසල් දරු පරපුර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීමේ පියවරක් ලෙස පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ පිළිබඳව චක්‍රලේඛයක් නිකුත් කරන බව කී අමාත්‍යවරයා හෙරොයින් කිලෝ ගණන් රටට ගෙන ඒමේ දී ඇල්ලූ අවස්ථා තිබූ බවද ඉතා සූක්ෂම අයුරින් ඒවා පාසල් දරුවන් අතරට ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන බවද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතු බවද මා පියන් සහ පාසල් ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද ඔහු සඳහන් කළේය.

අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පැවැසූයේ අයිස් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය ඉතා පහසුයි බවත් මේවා වැලැක්වීම සඳහා නීතියක් නැති බවත්ය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *