අධික වර්ෂාවත් සමග ජන ජිවිතයට බාධා..!

අධික වර්ෂාවත් සමග ජන ජිවිතයට බාධා..!

  • October 15, 2022
  • No Comment
  • 53

අධික වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක කිහිපයක මාර්ග රැසක් අවහිර වී තිබේ.

කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් අරවින්ද අමරසේකර මහතා සඳහන් කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ අලුත්ගම – මතුගම මාර්ගය අඩි එකහාමාරක් පමණ ජලයෙන් යටවී ඇති බවය.

මේ හේතුවෙන් සැහැල්ලු වාහන ධාවනයට බාධා මතුව ඇත.

කුකුළේ ගඟ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෝල්කාව – බුලත්සිංහල මාර්ගය පරගොඩ ප්‍රදේශයෙන් අඩි 10 ක් පමණ ජලයෙන් යට වී තිබේ.

මීට අමතරව වලල්ලාවිට – අවිත්තාව මාර්ගය, වලල්ලාවිට – පැලවත්ත මාර්ගය ඇතුළු මාර්ග ගණනාවක් ද ජලයෙන් යටවී ඇති බව ලුතිනන් කර්නල් අරවින්ද අමරසේකර මහතා පැවසුවේ ය.

ගම්පහ දිස්ත්‍රික් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, කොළඹ – බියගම පාර පටිට්විල ජල පවිත්‍රාගාරය අසළින් ජලයෙන් යටවී ඇති බවයි.

බියගම – මල්වාන පාර ද මේ වනවිට ජලයෙන් යටවී ඇති බව එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.

මේ අතර කොළඹ දිස්ත්‍රික් ඔරුගොඩවත්ත, කොටුවිල ප්‍රදේශයේ අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *