අත්අඩංගුවට ගැනීම් නිවැරදියි – ජනපති ABC ට කියයි..

අත්අඩංගුවට ගැනීම් නිවැරදියි – ජනපති ABC ට කියයි..

  • September 16, 2022
  • No Comment
  • 42

ජනතාව තමා කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් තමන්ට ජනතා සහාය ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියානු ABC නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ තමා සැමවිටම නිවැරදි දේ කළ බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වුයේ ඔස්ට්‍රේලියානු ABC නාලිකාවේ දකුණු ආසියානු වාර්තාකාරිනී අවානි ඩයස්ය.

අවානි ඩයස් – “ජනාධිපතිතුමනි, ඔබ බලයට පැමිණිමෙන් පසුව බලධාරීන් විරෝධතාකරුවන් ඉලක්ක කරගනිමින් අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා. එවැනි දේ තුළින් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති අර්බුදයට විසඳුමක් ලැබෙයි ද?”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ – “මම හිතන්නේ නෑ රජයේ නිවාස ගිනි තැබීමෙන් අපිට මේ අර්බුදය නිමා කිරීමට හැකි බව. අපි සියල්ලන්ම එය තේරුම් ගත යුතුයි.” 

“ඔබ හිතනවාද ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙන්, මගේ නිවස ගිනිතැබීමෙන් හෝ අග්‍රාමාත්‍යවරයාගේ නිවස අල්ලා ගැනීමෙන් පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට පැමිණිමෙන් අපේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබේවි කියලා.”

අවානි ඩයස් – “ඔබ හිතනවා ද පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් හෝ මර්දනයෙන් ප්‍රශ්න විසඳිය හැකි බව ?”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ – “අපි අත්අඩංගුවට ගත්තේ නීතිය කඩකළ පුද්ගලයින් පමණයි. මම නොවේ එය කරන්නේ. එය පොලීසියට භාරදුන් කාර්යයක්. හරියට ඔබේ රටේ සිදුවනවා වගේ. පොලීසිය විසිනුයි චෝදනා ගොනුකරන්නේ. සියල්ල නීත්‍යානූකූලව සිදුකර තිබෙනවා.”

අවානි ඩයස් – “ජීවන්ත පියතුමා ඇතුළු විරෝධතාකරුවන්, අන්තර් විශ්වවිද්‍යාල සංගමයේ වසන්ත වැනි බොහෝ දෙනෙක්…?”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ – “මම දන්නවා ඔබ කතාකරනු ලැබු කණ්ඩායම් ගැන. ඔබ සුළුතර කණ්ඩායමකගේ ප්‍රශ්න මා වෙත යොමුකරන්නේ නම්, මම පිළිතුරු ලබාදෙන්නේ බහුතරය වෙනුවෙන්.” 

අවානි ඩයස් – “ඔබට තේරුම් ගත හැකි ද බහුතරයක් මේ වනවිට පීඩාවට පත්වී ඇති බවත් සහ මේ ගැන කෝපයෙන් පසුවන බවත්…?”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ – “මම දන්නවා රටේ බහුතරයක් පීඩාවට පත්වී සිටින බව. ඔවුන්ට විසඳුමක් අවශ්‍ය බව.”

අවානි ඩයස් –“ඔබට ඔබේ රටේ බහුතරයක සහාය පවතිනවා යැයි සිතනවා ද ?”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ – “ඔව්, මට බහුතරයේ සහාය සහ රට තුළ සහායත් පවතිනවා. මම තමයි නිවැරදි දේ ක්‍රියාත්මක කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි වගේ දේවල්.  ඒ නිසයි ඔවුන්ගේ විශ්වාසය සහ සහාය මට හිමිව ඇත්තේ. ඒකයි ඔවුන් මා පිළිබඳ විශ්වාසය පළකරන්නේ. මට එය සිදුකළ හැකියි කියා.”

– රංජීත් පෙරේරා –

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *